අග්‍රහාර
01. අග්‍රහාර නව යෝජනා ක්‍රමයට ලියාපදිංචිය හා අග්‍රහාර හිමිකම්
02. ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම (විස්තර පහළින් දක්වා ඇත)
01. අග්‍රහාර නව යෝජනා ක්‍රමයට ලියාපදිංචිය හා අග්‍රහාර හිමිකම්
අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ යෝජනා ක්‍රම 03 ක් ඇත.
01. අග්‍රහාර සාමාන්‍ය යෝජනා ක්‍රමය (වැටුපෙන් රු.125.00)
02. අග්‍රහාර රිදී යෝජනා ක්‍රමය (වැටුපෙන් රු.300.00)
03. අග්‍රහාර රන් යෝජනා ක්‍රමය (වැටුපෙන් රු.600.00)
ඉහත යෝජනා ක්‍රම වලදී ඔබට ලබා දෙන ප්‍රතිලාභ එකිනෙකට වෙනස් වන අතර අග්‍රහාර රන් යෝජනා ක්‍රමයට බැඳෙන ඔබ හට වැඩි ප්‍රතිලාභ ලබා ගත හැකිය.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක අග්‍රහාර සාමාන්‍ය යොජනා ක්‍රමයේ සිට අග්‍රහාර රිදී යෝජනා ක්‍රමයේ හෝ අග්‍රහාර රන් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වයට ඉල්ලුම් කළ හැකිය. නමුත් අග්‍රහාර රන් යෝජනා ක්‍රමයේ සිටින අයෙකුට නැවත රිදී යෝජනා ක්‍රමයට හෝ සාමාන්‍ය යෝජනා ක්‍රමයට පැමිණිය නොහැක.
- අග්‍රහාර රන් යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න
මෙම අයදුම්පත්‍රය පුරවා කලාප කාර්යාලයේ සාමාන්‍ය පාලන අංශයට භාරදෙන්න.
- අග්‍රහාර ප්‍රතිලාභ ඉල්ලීම සඳහා හිමිකම් අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රය මෙතනින් බාගත කර ගන්න
සියළු උපදෙස් ඉහත හිමිකම් අයදුම්පත්‍රය සමග ඇති පත්‍රිකාවේ ඇත. හොදින් කියවන්න.
අයදුම්පත්‍රය පුරවා කලාප කාර්යාලයේ සාමාන්‍ය පාලන අංශයට භාරදෙන්න.
කලාප අධ්‍යක්ෂ අත්සන් කළ පසු ඔබ විසින් එය "කළමනාකරු, ජාතික රක්ෂණභාර අරමුදල, අංක 95, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02" ලිපිනයට යොමු කළ යුතුය.
- ඔබ අග්‍රහාර ප්‍රතිලාභ ඉල්ලුම් කලේ නම් එය පරීක්ෂා කිරීම සඳහා මෙතනින් බලන්න
02. ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම
තොරතුරු යාවත්කාලීන නොකල ඔබට සහ නව පත්වීම් ලබා ගත් රජයේ සේවකයන්ගේ අවධානයට
රාජ්‍ය සේවයේ පළමු පත්වීම් ලබන ඔබ අග්‍රහාර සාමාන්‍ය යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය හිමිවන අතර ඔබගේ වැටුපෙන් රු 125.00 ක මුදලක් මාසිකව අග්‍රහාර අරමුදල වෙත යොමු කරනු ලබයි. ඉන් පසු අග්‍රහාර සාමාන්‍ය යොජනා ක්‍රමයේ සිට අග්‍රහාර රිදී යෝජනා ක්‍රමයේ හෝ අග්‍රහාර රන් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වයට ඉල්ලුම් කළ හැකිය.
- අග්‍රහාර රන් යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න
නව රජයේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබන ඔබ විසින් ජාතික රක්ෂණභාර අරමුදලට ඔබගේ තොරතුරු ඇතුළත් කළ යුතු අතර අග්‍රහාර ප්‍රතිලාභ ලබා ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන්නේ එලෙස තොරතුරු ඇතුළත් කළ නිළධාරීන්ට පමණකි.
එසේම දැනටමත් රාජ්‍ය සේවයේ සිටින ඔබ විසින්ද ඔබගේ ඇතුළත් කරන ලද තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කළ යුතුව ඇත. (2022 වසරෙන් පසු යාවත්කාලීන නොකලේ නම් ඔබ විසින් තොරතුරු පහත පරිදි යාවත්කාලීන කරන්න)
පහත සබැඳිය ඔස්සේ ගොස් ඔබට අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න
ඔබගේ තොරතුරු මෙතනින් ඇතුළත් කරන්න
තොරතුරු පුරවන ආකාරය මෙතනින් බලන්න
ඔබට දැනටමත් සාමාජික පිවිසුමක් ඇත්නම් මෙතනින් යන්න.
වැඩි විස්තර සඳහා අග්‍රහාර නිල වෙබ් පිටුවට
අග්‍රහාර සාමාන්‍ය යෝජනා ක්‍රමයේ හිමිකම් පරීක්ෂා කිරීම සඳහා මෙතනින් බලන්න
අග්‍රහාර රිදී/රන් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය පරීක්ෂා කිරීම සඳහා මෙතනින් බලන්න
අග්‍රහාර සාමාන්‍ය යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය පරීක්ෂා කිරීම සඳහා මෙතනින් බලන්න
අග්‍රහාර විශ්‍රාමික හිමිකම් පරීක්ෂා කිරීම සඳහා කිරීම සඳහා මෙතනින් බලන්න
හදිසි අනතුරකින් හෝ ස්වභාවිකව මියගිය අයෙකු වෙනුවෙන් හිමිකම් ඉල්ලුම් පත්‍රය හා පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කර ගන්න
0 Comments