අධ්‍යයන නිවාඩු


‍පහත ‍ලේඛන අධ්‍යයන නිවාඩු අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය ‍වේ.


01. පූර් ණකාලීන පාඨමාලාවක් සඳහා නම් පහත ලිපි වල පිටපත් දෙක බැගින් අවශ්‍ය වේ.

* පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කරගන්න

1. ඉල්ලීමේ ලිපිය මෙතනින් බාගත කරගන්න

(මේ තුළ ඉල්ලීම් ලිපිය,වෘත්තීය සංවර්ධනයට අදාළ බව හා රාජකාරී ආවරණය ඇතළත් වේ)

2.      අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න

3.      පාඨමාලාව සඳහා තෝරගත් බවට ලිපිය

4.      ස්ථිර පත්වීම් ලිපියේ පිටපත

5.      ගිවිසුම (ආයතන සංග්‍රහයේ 08 වැනි පරිශිෂ්ටය

6.      බැඳුම්කරය (ආයතන සංග්‍රහයේ 15 වැනි පරිශිෂ්ටය

 

02. පාඨමාලාවේ විභාගය සඳහා නම් පහත ලිපි වල පිටපත් දෙක බැගින් අවශ්‍ය වේ.

1.     ‍ඉල්ලීමේ ලිපිය  මෙතනින් බාගත කරගන්න 

(මේ තුළ ඉල්ලීම් ලිපිය,වෘත්තීය සංවර්ධනයට අදාළ බව හා රාජකාරී ආවරණය ඇතළත් වේ)

2.      අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න 

3.      පාඨමාලාව සඳහා තෝරගත් බවට ලිපිය 

4.      ස්ථිර පත්වීම් ලිපියේ පිටපත

5.      විභාග කාලසටහන 

6.      පැමිණීමේ සහතිකය (ලද පසු ලබාදීමට කටයුතු කරන්න)


03. පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා පුහුණූ පාඨමාලා සඳහා ප්‍රතිපාදන ලබාදීම. (new)

දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ චක්‍රලේක 02/2023 විධිවිධාන අනුව සේවා ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් හා ආයතනික අවශ්‍යතාවයන් මත පශ්චාත් උපාධි / ඩිප්ලෝමා / පුහුණු පාඨමාලා හැදැරීම ආරම්භ කිරීමට ප්‍රථම නිසි නිල මඟින් ආකෘති අංක CSS/02/FO/13 ප්‍රකාරව දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. එසේ පූර්ව අනුමැතිය ලබාගත් පාඨමාලා සඳහා පමණක් ප්‍රතිපාදන ලබාදෙන එකි  චක්‍රලේකය මඟින් අවධාරනය කර අරත. 
වැඩිවිස්තර ‍ මෙතනින් බලන්න.
                  මෙතනින් බලන්න

01. සේවා ව්‍යවස්ථාවට අදාලව පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා පුහුණූ පාඨමාලා සඳහා ප්‍රතිපාදන
  ඉල්ලුම් කිරීම සඳහා පූර්ව අනුමැතිය ලබාගැනීමේ ආකෘති පත්‍රය. මෙතනින් බාගත කරගන්න.  
                                                                                                  මෙතනින් බාගත කරගන්න.

02. ආයතනික අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන පුහුණු පාඨමාලා සඳහා ප්‍රතිපාදන ඉල්ලීමේ ආකෘති පත්‍රය. මෙතනින් බාගත කරගන්න

පශ්චාත් උපාධි/ඩිප්ලෝමා/පුහුණු පාඨමාලා සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම

දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ පරිපාලන චක්‍රලේඛ 02/2023 කෙරෙහි අවධානය යොමුකරමි.

 02. එකී චක්‍රලේඛයේ විධි විධාන අනුව සේවා ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් හා ආයතනික අවශ්‍යතාවයන් මත පශ්චාත් උපාධි/ඩිප්ලෝමා/පුහුණු පාඨමාලා හැදෑරිම ආරම්භ කිරීමට ප්‍රථම නිසි නිල මගින් ආකෘති අංක CSS/02/FO/13 ප්‍රකාරව දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ පූර්ව අනුමැතිලබා ගත යුතුය.

 03. එබැවින් මේ සමඟ අමුණා ඇති ආකෘතිය (CSS/02/FO/13) පුරවා පහත ලිපි ලේඛණ ද ඇතුළුව කඩිනමින් කාර්යාලයට භාර ‍දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. 

  • CSS/02/FO/13 ආකෘතිය (පිටපත් 03)
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව විසින් අනුමත කරන ලද විශ්වවිද්‍යාලයකින්/ආයතනයකින් ආදා නිලධාරියා පාඨමාලාව සඳහා තෝරා ගත් බවට ලිපිය (පිටපත් 02)
  •  තොරා ගන්නා ලද පශ්චාත් උපාධි/ඩිප්ලෝමා පාඨමාලාව නිලධාරියාගේ තනතුරෙහි සේවා ව්‍යවස්ථාවට අදාළ බවට සහතික විය යුතු අතර එහි උද්ධෘතයක් (පිටපත් 02)
  •  සේවය ස්ථිර කිරීමේ ලිපිය (පිටපත් 02)
  • දකුණු පළාත් සභාවට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය (අදාල නම් පමණක්)  (පිටපත් 02)


මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට කටයුතු කරමි.

ඔබ දක්වන ප්‍රතිචාරය අගය‍කොට සලකමි

Post a Comment

0 Comments