ගුරු සේවයේ මුදාහැරීම්
01.) ගුරු තනතුරෙන් රජයේ සේවයේ වෙනත් තනතුරක් සඳහා පත්වීමක් ලබා ගැනීමට ව්ධිමත් පරිදි
මුදා හැරීම සඳහා,
නිලධරයාගේ ඉල්ලීම මත නම්; කාර් ය පටිපාටි රීති 12 වන පරිශිෂ්ටය
රජයේ අවශ්‍යතාව මත නම් ; කාර් ය පටිපාටි රීති 13 වන පරිශිෂ්ටය
දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා මගින් පත්කිරීමේ බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු
වන්නේය.
02.) රජයේ සේවයෙන් පරිබාහිර සේවයක් සඳහා මුදා හැරීම.
නිලධරයෙකු රජයේ සේවයෙන් තාවකාලිකව හෝ සථිරව හෝ පත් කිරීමේ බලධරයා විසින් මුදාහල හැකි අවසථා
පළාත් රාජ්‍ය සේවයට;
ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරකට ;
ශ්‍රී ලංකා පාරලිමේන්තුවේ කාර් ය මණ්ඩලයේ තනතුරකට;
පාරලිමේන්තුවේ හෝ පළාත් සභාවක හෝ මහජන නියෝජිතයෙකුගේ පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ හෝ කාර්ය මණ්ඩලයේ අනුමත තනතුරකට;
ස්වේච්චා බල සේනාවක සේවයට;
ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොම්ෂන් සභා පනත යටතේ පත් කරනු ලබන කොම්ෂන් සභාවක හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හෝ වෙනත් යම් නීතියක් යටතේ ස්ථාපිත කොමිෂන් සභාවක සේවයට;
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව ව්සින් පිළිගෙන ඇති රජයේ ව්ශ්වවිද්‍යාලයක තනතුරකට;
රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ තනතුරකට;
දේශීය හෝ ව්දේශීය අරමුදලින් ක්‍රියාත්මක වන රජයේ ව්‍යාපෘතියක තනතුරකට;
රජයට අයත් සමාගමක තනතුරකට;
රජයට 50%කට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සහ/හෝ පාලන බලය හිමි සමාගමක තනතුරකට;
එක්සත් ජාතීන්ගේ සංව්ධානය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර් ආණ්ඩු නියෝජිතායතනයක රැකියාවක් භාර ගැනීමට;
ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය.
ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලිපිය හා එම වැඩභාර ගැනීමේ ලිපිය.
ගුරු සේවයේ ස්ථිර කිරීමේ ලිපිය
නව තනතුරේ පත්වීමේ ලිපිය
නව තනතුරේ වැඩභාර ගැනීමේ ලිපිය
නව තනතුරේ වැඩභාර ගැනීමේදී අදාළ පුහුණුවක සහභාගී වී ඇත්නම් එම පුහුණු සහතිකය
නැවත පාසලට පැමිණ වැඩභාරගත් ලොග් සටහන (තාවකාලික මුදාහැරීම් සඳහා)
රජයට අයත් බඩු විධිමත්ව භාරදුන් බවට ලිපිය
විනය පරීක්ෂණ විගණන විමසුම් ඇති/නැති බවට කලාප අධ්‍යක්ෂගේ ලිපිය.
ගුරුසේවයේ අවසන් මස වැටුප් විස්තරය ( කලාප අධ්‍යාපන කාර්යාලයෙන්
ලබාගන්නා ලඳ)
කාර් ය පටිපාටික රීති සංග්‍රහය අනුව 12හෝ 13 පරිශිෂ්ටය
රජයට අයවිය යුතු මුදල් අයකරගෙන ඇති බවට සහතිකය
(කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගන්නා ලද)
මුල්පත්වීම් වෙනත් පළාත් සභාවක නම් දකුණු පළාතට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය
තාවකාලික මුදාහැරීමක් නම් මුදාහරින්නේ වැටුප් රහිතවද සහිතවද යන ලිපිය
තාවකාලික මුදාහැරීමක් නම් අදාල ආයතනයෙන් දෙන ලද මුදාහැරිය යුතු නිශ්චිත කාලවකවානු ඇතුළත් ලිපිය.
0 Comments