·
පළාත් අධ්‍යාපන ලේකම් - පළාත් සභා
පාසල්
·
අධ්‍යාපන ලේකම් - ජාතික පාසල්
ස්ථීර පත්වීමකට තෝරාගෙන ඇති අපේක්ෂකයාට පොදු 169
ආකෘතිය අනුව වෛද්‍ය පරීක්ෂණයට
ඉදිරිපත්වීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නියම කෙරේ.
පළමු පත්වීමක් ලද්දෙකුට ලිපි ගොනුවක් විවෘත කළ
යුතු අතර එහි පහත ලිපි ලේඛන අන්තර්ගත විය යුතුය.
නව පත්වීම් ලද
නිලධාරීන් පෞද්ගලික ලිපිගොනුවට භාරදිය යුතු ලිපි ලේඛන
1. පත්වීම්
ලිපිය. (සහතික කළ පිටපත)
2. අංක 5 වන
පරිශිෂ්ටය
3. අංක 6 වන
පරිශිෂ්ටය
4. වැඩ භාර ගැනීමේ
ලිපිය හා පාසලක නම් ලොග් සටහන් පිටපත.
5. උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් හා ඡායා පිටපතක්.
6. ජාතික
හැදුනුම්පතේ සහතික කළ පිටපතක්.
7. තනතුරට අදාළ
සියළුම අධ්‍යාපනික සහතික පිටපත් 2 බැගින්(සා/පෙළ/උසස් පෙළ/වෙනත්)
8. ග්‍රාම සේවා
සහතිකය (මුල්පිටපත)
9. චරිත සහතිකය
10. ගිවිසුම (පොදු
160)
11. දිව්රුම් හා ප්‍රතිඥාව
(පොදු 278)
12. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
6 වන සංශෝධනය
13. වත්කම් බැරකම් ප්‍රකාශය (පොදු 261) (මෙතනින් බාගතකරන්න)
14. විවාහ සහතිකයේ මුල්පිටපතක්
(මාස 03 ක් ඇතුලත ඉදිරිපත් කළ යුතුය)
15. කලත්‍රයාගේ
උප්පැන්න සහතිකයේ මුල්පිටපත සහ ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක්
16. දරුවන්ගේ
උප්පැන්න සහතික වල මුල්පිටපත්
17. ස්ථිර , තාවකාලික ලිපින
හා දුරකතන අංකය
18. වෛද්‍ය පරීක්ෂකගේ වාර්ථාව (වෛද්‍ය 169) සහ පොදු 169 ආකෘතිය (වෛද්‍ය පරීක්ෂණ වාර්ථාවේ දකුණු පස ඉහල කෙලවරේ සේවය කරන පාසල සටහන් කරන්න)
19. විද්‍යාපීඨ පත්වීමක් නම් හෝ වෙනත් සේවයක සේවය කළ අයෙක් නම් අදාළ පෞද්ගලික ලිපිගොනුව පවතින ආයතනයෙන් හෝ විද්‍යාපීඨයෙන් ලිපිගොනුව ගෙන්වා ගැනීම සඳහා විදුහල්පතිගේ නිර් දේශය සහිතව ඉල්ලීම් ලිපිය.
20. NEMIS තොරතුරු පත්‍රිකාව.
v සැ.යු.ඔබ විසින් ලබා දෙන අධ්‍යාපනික
සහතික පත්‍ර පෞද්ගලික ලිපිගොනුවට භාර දුන්බව එම ඡායාපිටපතේ සටහන් තබා, දිනය යොදා අත්සන
යෙදිය යුතුය.
නම -
අත්සන -
දිනය -
0 Comments