වැටුප් වර් ධක අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පහත කරුණු පිළිබද අවධානය යොමු කරන්න.
(වැරදි සහිතව හා අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන අදුම්පත් වලට අදාල වැටුප් වර් ධක ප්‍රමාද විය හැකි බව කාරුණිකව සලකන්න.)
- නිලධරයෙකුට වැටුප් වර් ධකයක් අයිතිවාසිකමක් වශයෙන් ලබාගැනීමට හිමිකමක් නැත. සිය රාජකාරි කටයුතු කාර් යක්ෂමවත් අනලස්වත් ඉටු කිරීමෙන් හා වැටුප් වර් ධක කාල පරිච්ඡේදය තුළ මුළුමනින්ම සේවය කිරීමෙන් ඔහු එම වැටුප් වර් ධකය උපයා ගත යුතුය.
- වැටුප් වර් ධකයක් ගෙවීමට පෙර නිලධාරියා විසින් එය උපයාගැනීමට අවශ්‍ය කරුණු සපුරා ඇති බවට සහතිකයක් නිසි බලධරයා විසින් අත්සන් කළ යුතුය.
- යම්කිසි නිලධාරියෙකු සම්බන්ධයෙන් එවැනි සහතිකයක් දිය නොහැකි නම් ඔහුගේ වැටුප් වර් ධක ගෙවීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. වැටුප් වර් ධක පහත ක්‍රම අතුරින් එක් ක්‍රමයකට එම ප්‍රතික්ෂේප කිරීම කළ හැකිය.
- තාවකාලිකව අත්හිටූවීම.
- අඩු කිරීම.
- නතර කිරීම.
- විලම්බනය කිරීම (වැඩි විස්තර මෙතනින් බලන්න)
වැටුප් වර් ධක අයදුම්පත් සම්පූර්ණ කිරිමේ දී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න
අවර් න ලිපිය මෙතනින් බලන්න.
- වැටුප් වර්ධක අයදුම්නපත මෙතනින් බාගතකරගන්න.
කාල සටහන
- අදාල කාර් ය සාධන වර් ෂයේ කාලසටහන අයදුම්පත්‍රයේ අදාල කොටසේ පුරවන්න. පසුව ඇති අංක 1 සිට 6 දක්වා කොටස නිවැරදිව සම්පූර් ණ කරන්න.
- මීට අමතරව කාර් ය සාධන වර් ෂයට අදාල නිවාඩු B100 වාර් තාව හා වැටුප් වර් ධක වර් ෂයට අදාල කාල සටහන ඉදිරිපත් කළ යුතුය. (උදා:- 2024 වර් ෂයේ වැටුප් වර් ධකය සඳහා 2023 වර් ෂයේ නිවාඩු B100 වාර් තාව හා 2024 වර් ෂයේ කාලසටහන ඉදිරිපත් කළ යුතුය.)
කාල සටහන (මෙතනින් බාගතකර ගන්න) අමතර කල සටහන ඉදිරිපත් කිරීමේදී මෙම ආකෘතිය පමණක් භවිත කරන්න.
කාර් ය සාධනය
- 1.0 යටතේ ඇතිතොරතුරු වල පාසල යන කොටසේ අදාල වර් ෂය තුළ සේවය කළ පාසල දක්වන්න (වැටුප් ලබන පාසලෙන් වෙනත් පාසලකට අනුයුක්ත නම් එම පාසල දැක්විය යුතු අතර එය තහවුරු කිරිමේ ලේඛනයක් ලිපිගොනුවට ලබාදී තිබිය යුතුය. උදා:- අනුයුත්ත පාසලේ වැඩ භාරගැනීමේ ලොග් සටහන)
- කාර් ය සාධනය සම්පූර් ණ කිරීමේදි දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදින්න.
- කාර් ය සාධනය භාරදීමට පෙර අංක 7.0 යටතේ දක්වා ඇති තොරතුරු නිවැරදිව දක්වා ඇද්ද හා ඇගයුම් කරු හා ප්රමාණකරු නිවැරදි ස්ථාන වල අත්සන් යොදා ඇද්ද යන්න පරික්ෂාකර බලා අයදුම් පත් ඉදිරිපත් කළ යුතුය.
කාර් ය සාධන වාර් තාව (මෙතනින් බාගතකර ගන්න)
3 Comments