විශ්‍රාම ගැන්වීමේ විධිවිධාන
- වෛකල්පිත විශ්‍රාම ගැන්වීම - (2 සහ 17 වගන්තිය අනුව)
වයස අවුරුදු 55 සිට 60 දක්වා විශ්‍රාම ගැන්වීම.
- අනිවාර්ය විශ්‍රාම ගැන්වීම (2 සහ 17 වගන්තිය අනුව)
වයස අවුරුදු 60 සම්පූර්ණ වීම.
- වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීම. (2 සහ 14 වගන්තිය අනුව)
වෛද්‍ය මණ්ඩල නිර්දේශ මත තව දුරටත් සේවය කිරීම යෝග්‍ය නොවන විටෙක මෙම විශ්‍රාම ගැන්වීම සිදු කරනු ලැබේ.
- තනතුර අහෝසි වීම මත විශ්‍රාම ගැන්වීම. (2 සහ 7 වගන්තිය අනුව)
දෙපාර්තමේන්තුව වසා දැමීම, සේවය හෝ තනතුර අහෝසි වීම මත අදාල නිලධාරින් විශ්‍රාම ගැන්වීම සිදු කෙරේ.
- විනය හේතු මත විශ්‍රාම ගැන්වීම.(2 සහ 12 වගන්තිය අනුව)
විශ්‍රාම ගන්නා අවස්ථාවේදී විනයානුකුලව කටයුතු කෙරෙන බවට සෑහිමකට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය ලබා විශ්‍රාම ගැන්වීම කරනු ලැබේ.
- අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගැන්වීම (2 සහ 15 වගන්තිය අනුව)
රාජකාරී ඉටු කිරීම දුර්වල වීම මත විශ්‍රාම ගැන්වීම වේ.
- ගුරුවරියන් හෙදියන් පොලිස් කාන්තාවන් විශ්‍රාම ගැන්වීම (2 සහ 14 වගන්තිය අනුව)
වයස අවුරුදු 50 එලඹෙන දිනය හෝ සේවා කාලය වසර 20 සම්පූර්ණ වීම යන දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී වෛද්‍ය සහතිකයින් තොරව විශ්‍රාම ගැන්වීම.
- රා.පරි.ච 30/88 අනුව විශ්‍රාම ගැන්වීම (2 සහ 14 වගන්තිය අනුව)
සේවය වසර 20 ක් සම්පූර්ණ කර ඇති රජයේ නිලධාරීන්ට විශ්‍රාම යාම සඳහා මනාපය පල කල හැකිය. විශ්‍රාම වැටුප හෝ පාරිතෝෂිතය ලබා ගත හැක්කේ වයස අවු 55 සම්පූර්ණ කළ දිනයේ දීය.
විශ්‍රාම ගැන්වීම අනුමත කර ගැනීම සඳහා පහත ලේඛන අවශ්‍ය වේ.
➤ පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කර ගන්න.
01. විශ්‍රාම ගැන්වීමේ අයදුම් පත්‍රය
පළාත් සභා පාසල් මෙතනින් බාගත කර ගන්න
ජාතික පාසල් මෙතනින් බාගත කර ගන්න
02. විශ්‍රාම ගැනීම සඳහා ඉල්ලීමේ ලිපිය (විදුහල්පති නිර්දේශය සහිතව)
03. ජාතික හැදුනුම්පතෙහි සහතික කළ පිටපත
04. PD 03 අයදුම්පත්‍රය මෙතනින් බාගත කර ගන්න
05. අභ්‍යාසලාභී පත්වීමක් නම් පත්වීමේ ලිපිය
06. අභ්‍යාසලාභී පත්වීම පෙරදාතම කිරීමේ ලිපිය
07. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත /රහිත ලෙස සඳහන් පත්වීමේ ලිපිය
08. විනය පරීක්ෂණ හා විගණන විමසුම් පිළිබඳ වාර්තාව (ජාතික පාසල් පමණි)
09. සේවය ස්ථීර කිරීමේ ලිපිය
10. නමෙහි වෙනසක් ඇත්නම් දිව්රුම් ප්‍රකාශය (රු 50/- මුද්දරයක් ඇලවිය යුතුය)
11. ග්‍රාම සේවා සහතිකය
12. පැවිදිව සිටි නම් පැවිදි සහතිකය
13. පැවදිව සිට උපැවදිව ඇත්නම් උපැවිදි සහතිකය
14. අනිවාර්ය /අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගැන්වීමක් නම් අනුමැතිය ලද ලිපි
15. නිවාඩු B 100 අදාළ වර්ෂයේ
16. වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන්නේ නම් වෛද්‍ය වාර්තාව
17. බඩු භාරදීමේ ලිපිය
18. විශ්‍රාම වැටුපට ගණනය කළ හැකි වෙනත් සේවා කාලයක් වේ නම්
(අ) ඊට අදාළ පත්වීම් ලිපිය
(ආ) විධිමත් මුදාහැරීමේ ලිපිය(අභ්‍යන්තර උසස්වීමක් නොවන විට)
19. බැංකු පාස්පොතෙහි සහතික කරන ලද පිටපත
මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට කටයුතු කරමි.

0 Comments