රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 මගින් රාජ්‍ය නිලධාරීන් හට විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.
2022.06.22 වන දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022
ක්‍රියාත්මක වේ.
මෙම ලිපිය මගින්
බලාපොරොත්තු වන්නේ රා.ප.ච. 14/2022 (II) ප්‍රකාරව
දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමය.
රා.ප.ච. 14/2022
ප්‍රකාරව විදේශ නිවාඩු ලබා ගැනීම පිළිබඳව
සවිස්තරාත්මක ලිපියක් වෙනම
දක්වා ඇත.
එය මෙතනින් කියවන්න.
මෙම
නිවාඩු සම්බන්ධව අදාළ වන චක්‍රලේඛ/ලිපි
රා.ප.ච. 14/2022 මෙතනින් බාගත කරගන්න.
රා.ප.ච.14/2022(I) මෙතනින් බාගත කරගන්න
රා.ප.ච.14/2022(II) මෙතනින් බාගත කරගන්න
සංශෝධිත චක්‍රලේඛය 14/2022(III) මෙතනින් බාගත කරගන්න
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 මෙතනින් බාගත කරගන්න
01.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (II) අනුව
දේශීය නිවාඩු ලබා දෙන්නේ කුමක් සඳහා ද?
01. දේශීයව
ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක නිරත වීමට
හෝ
02. රාජ්‍ය
සේවයෙන් බැහැර ආයතන වල සේවය කිරීමට.
02.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) මගින්
නිවාඩු ලබා ගත හැක්කේ කාටද?
(චක්‍රලේඛයේ 4.1 වගන්තිය අනුව)
I. සේවය ස්ථිර වූ
නිලධාරීන් හට.
II. පරිවාස
කාලයේ සිටින නිලධාරීන් හට.
III. සේවය
ස්ථිර වූ මාණ්ඩලික නිලධාරීන් හට.
මෙහිදී පරිවාස කාලයේ
දී නිවාඩු ලබා ගන්නා නිලධාරීන්ගේ නිවාඩු අවසන් වී නැවත සේවයට පැමිණි පසු කාර්ය
පටිපාටික රීති අනුව පරිවාස කාලය අවුරුදු 03ක්
දක්වා දීර්ඝ කළ හැකි බව චක්‍රලේඛයේ 4.2
වගන්තිය යටතේ දක්වා ඇත.
03.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව
නිවාඩු ලබාගැනීමේදී ඔබට ලැබෙන වාසි/ ප්‍රතිලාභ මොනවාද?
I. විශ්‍රාම
වැටුපට ඔබේ සේවා කාලය ගණන් බැලීමේදී වැටුප් රහිතව නිවාඩු ලබා ගන්නා ලද කාලයද සේවය
කළා සේ සැලකීම.
II. පරිවාස
කාලයේ සිටින නිලධාරීන් හටද නිවාඩු ලබාගත හැකි වීම.
III. දේශීය
වශයෙන් වර්ෂ 5ක්
සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ලැබුණු පළමු අවස්ථාව හා එකම ක්‍රමය වීම.
04.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව
දේශීය නිවාඩු ලබා ගැනීමේදී අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතු සහ දැනගත යුතු දේවල්
මොනවාද?
I. ඔබ
වැන්දඹු අනත්දරු දායක මුදලට ලියාපදිංචි වී තිබීම (W & OP
Number)
(මේ
පිළිබඳව පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාගෙන් විමසා දැනගත හැකිය)
ඔබ නිවාඩු ලබාගෙන
සිටින කාල සීමාව තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව හෝ කාර්තුවකට වශයෙන්
මුදල් ගෙවීමට එකඟ විය යුතුය. මෙහිදී
ඔබගේ තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවෙහි ලියාපදිංචි කර
ලිපියක් ලබා දෙන අතර එය ඔබ විසින් ඔබගේ ගිණුම පවතින බැංකුවට ලබා දී එහි සඳහන්
පරිදි ස්ථාවර නියෝග (Standing Oder) ලබා
දුන් පසු බැංකුවේ කළමනාකරුගේ අත්සන සහ නිල මුද්‍රාව තැබූ පසු එය නැවත විෂය
නිලධාරියාට ලබා දෙන්න. (විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 හා
රා.ප.ච. 14/2022 හි
අංක 04 යටතේ "උ" වගන්තිය බලන්න.)
II. ඔබ
දේපල ණය හෝ පෞද්ගලික ණය ලබාගෙන ඇත්නම් එම ණය සම්පූර්ණ ගෙවීම හෝ එම ණය ගෙවීම
සම්බන්ධව බැංකුව සමග එකඟතාවයකට පැමිණිය යුතුය.
(ණය
ගෙවීම සම්බන්ධව බැංකුව සමග එකඟ විය හැකි යෝජනා කිහිපයක් 14/2022(I)
හි "ඊ" වගන්තියේ දක්වා ඇත.)
III. අත්තිකාරම්
බී ගිණුම යටතේ ණය ලබාගෙන ඇත්නම් එම ණය සම්පූර්ණයෙන්ම ගෙවා තිබීම.
(ආපදා
ණය ආදිය ලබාගෙන ඇත්නම් කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් අංශයේ අදාල නිලධාරීයා ගෙන්
විමසා දැනගන්න)
IV. ඔබට
එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොමැති වීම.
VI. දේශීය
නිවාඩු අනුමත කිරීමේදී අමාත්‍යාංශ ලේකම්/ප්‍රධාන ලේකම් සමඟ ගිවිසුමකට එළඹිය යුතුය.
05.
ආයතනයේ මිනිස් බල තක්සේරුව.
ආයතනයක සේවය කිරීම
සඳහා සිටිය යුතු සේවක සංඛ්‍යාව/නිලධාරී
සංඛ්‍යාව කොපමණ දැයි අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව හෝ
ආයතන ප්‍රධානියා විසින් තීරණය කර ඇත. ඒ අනුව එම ආයතනයේ අනුමත
නිලධාරී සංඛ්‍යාව සහ දැනට සේවය කරන නිලධාරී සංඛ්‍යාව සම්බන්ධ වාර්තාව/තක්සේරුව
ආයතනයේ මිනිස් බල තක්සේරුව ලෙස හඳුන්වනු ලබයි. රා.ප.ච. 14/2022(II)
චක්‍රලේඛය ප්‍රකාරව දේශීය නිවාඩු ලබාදිය හැකි වන්නේ ආයතනයේ
මිනිස් බල තක්සේරුව අනුව අතිරික්තව සිටින නිලධාරීන් සඳහා පමණි.
උදාහරණය
(a). පළාත්
පාසල් සඳහා අනුමත සංවර්ධන නිලධාරී සංඛ්‍යාව 00
කි. දැනට සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරී සංඛ්‍යාව 312
කි. ඒ අනුව රා.ප.ච.14/2022(II) අනුව
දේශීය නිවාඩු ලබා දීමට නිර්දේශ කල හැකි සංවර්ධන නිලධාරී සංඛ්‍යාව 312කි.
මේ අනුව සංවර්ධන නිලධාරීන් සඳහා මෙම චක්‍රලේඛය අනුව දේශීය නිවාඩු
ලබා දීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට නිර්දේශ කළ හැක.
උදාහරණය
(b). කලාපයේ
පාසල් සඳහා අනුමත ගුරුවරු සංඛ්‍යාව 1683
කි. නමුත් සේවයේ යෙදී සිටින ගුරුවරු සංඛ්‍යාව 1543
කි. ඒ අනුව රා.ප.ච.14/2022
අනුව දේශීය නිවාඩු ලබා දීමට නිර්දේශ කල හැකි ගුරුවරු සංඛ්‍යාව 00
කි. මේ අනුව ගුරුවරු සඳහා මෙම චක්‍රලේඛය අනුව දේශීය නිවාඩු ලබා දීම කලාප අධ්‍යාපන
අධ්‍යක්ෂට නිර්දේශ කළ නොහැක.
* අප
ආයතනයේ මිනිස්බල තක්සේරුව මෙතනින් බලන්න
ආයතනයේ මිනිස්බල
තක්සේරුව මාසිකව/කාර්තුවකට සංශෝධනය වන බව කාරුණිකව සලකන්න
06.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව
නිවාඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන වල පිටපත් සංඛ්‍යාව කොපමණද? සහ නිවාඩු අනුමත වන
ආකාරය කුමක්ද?
I. පළාත්
සභා පාසල් සහ කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සදහා අදාල ලේඛන පිටපත්
4කින් අවශ්‍ය
වේ.
(කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු
පළාත් අධ්‍යාපන ලේකම් නිර්දේශය-> ප්‍රධාන
ලේකම් අනුමැතිය හා ගිවිසුම අත්සන් කර අනුමත අයදුම්පත්‍රය හා ලිපිය නැවත දකුණු
පළාත් අධ්‍යාපන ලේකම් මගින් කලාප අධ්‍යාපන කාර්යාලයට)
II. ජාතික
පාසල් වල නිලධාරීන් සඳහා අදාල ලේඛන පිටපත්
3කින් අවශ්‍ය
වේ.
(කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> අමාත්‍යාංශ
ලේකම් අනුමැතිය හා ගිවිසුම අත්සන් කර -> අනුමත
ලිපිය සහ අයදුම්පත්‍රය නැවත කලාප අධ්‍යාපන කාර්යාලයට)
07.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) ප්‍රකාරව
දේශීය නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය ලේඛන මොනවාද?
(ඔබගේ
පහසුව සඳහා අවශ්‍ය ලේඛන වල ආකෘති අප විසින් සකස් කර ඇති අතර ඒවා බාගත කරගෙන
පුරවන්න)
(එසේම
ඔබගේ පහසුව සඳහා පලාත් සභා පාසල් වල සේවය කරන නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන,
ජාතික පාසල් වල සේවය කරන නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන සහ
කොට්ඨාස කාර්යාල වල සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් සඳහා අවශ්‍ය
ලේඛන වෙන වෙනම දක්වා ඇත.)
පහත
සඳහන් ලේඛන අංක කර ඇති පිළිවෙලට පිටපත් 4 හෝ 3 සකස්
කර කලාප කාර්යාලයට දෙන්න.
පළාත්
සභා පාසල් වල නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන.
I. දේශීය වැටුප් රහිත නිවාඩු ඉල්ලීමේ ලිපිය මෙතනින් බාගත කරගන්න.
II. දේශීය නිවාඩු අයදුම්පත මෙතනින් බාගත කරගන්න.
III. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න.
IV. ගිවිසුම මෙතනින් බාගත කරගන්න.
V. නිවාඩු ඉල්ලීම සඳහා හේතු සනාථ කළ හැකි
ලිපියක්
VI. වැන්දඹු අනත්දරු දායක මුදලට මුදල්
ගෙවීමට එකඟතාවය මෙතනින් බාගත කරගන්න.
VII. පෞද්ගලික ණය ලබා ගෙන ඇත්නම් එය ගෙවීම
සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ ණය බැඳියාවක් නොමැති බවට බැංකුවෙන් ලබා
ගත් ලිපිය.
VIII. දේපල ණය ලබා ගෙන ගෙන ඇත්නම් එය ගෙවීම
සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ දේපල ණය ලබාගෙන නොමැති නම් ඒ බවට මෙහි ඇති ලිපිය පුරවා දෙන්න.
IX. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට
ලිපිය මෙතනින් බාගත කරගන්න.(මෙහි
එක් පිටපතක් පමණක් පුරවා පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාට ලබා දෙන්න)
X. ජාතික හැඳුනුම්පතේ පිටපත් 4ක්
XI. පත්වීම් ලිපියේ සහතික කල පිටපත් 4ක්
XII. පත්වීම අනුව වැඩ භාර ගත් ලිපිය/ලොග්
සටහන පිටපත් 4ක්
XIII. පත්වීම ස්ථිර කිරීමේ ලිපියේ පිටපත් 4ක්
ජාතික
පාසල් වල නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන.
I. පූර්ව
අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත. මෙතනින් බාගත කරගන්න.
II.දේශීය
වැටුප් රහිත නිවාඩු ඉල්ලීමේ ලිපිය මෙතනින් බාගත කරගන්න.
III. දේශීය
නිවාඩු අයදුම්පත මෙතනින් බාගත කරගන්න.
IV. රාජකාරී
ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න.
V. ගිවිසුම මෙතනින් බාගත කරගන්න.
VI. නිවාඩු
ඉල්ලීම සඳහා හේතු සනාථ කළ හැකි ලිපියක්
VII. වැන්දඹු
අනත්දරු දායක මුදලට මුදල් ගෙවීමට එකඟතාවය. මෙතනින් බාගත කරගන්න.
VIII. පෞද්ගලික
ණය ලබා ගෙන ඇත්නම් එය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ ණය බැඳියාවක්
නොමැති බවට බැංකුවෙන් ලබා ගත් ලිපිය.
IX. දේපල
ණය ලබා ගෙන ගෙන ඇත්නම් එය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ දේපල ණය
ලබාගෙන නොමැති නම් ඒ බවට මෙම ලිපිය පුරවා දෙන්න.
X. විනය
විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.
(මෙහි
එක් පිටපතක් පමණක් පුරවා පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාට ලබා දෙන්න)
XI. ජාතික
හැඳුනුම්පතේ පිටපත් 3ක්
XII. පත්වීම්
ලිපියේ සහතික කල පිටපත් 3ක්
XIII. පත්වීම
අනුව වැඩ භාර ගත් ලිපිය/ලොග් සටහන පිටපත් 3ක්
XIV. පත්වීම
ස්ථිර කිරීමේ ලිපියේ පිටපත් 3ක්
කලාප/කොට්ඨාස
කාර්යාල නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන.
I. දේශීය
වැටුප් රහිත නිවාඩු ඉල්ලීමේ ලිපිය මෙතනින් බාගත කරගන්න.
II. දේශීය
නිවාඩු අයදුම්පත මෙතනින් බාගත කරගන්න.
III. රාජකාරී
ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න.
IV. ගිවිසුම මෙතනින් බාගත කරගන්න.
V. නිවාඩු
ඉල්ලීම සඳහා හේතු සනාථ කළ හැකි ලිපියක්
VI. වැන්දඹු
අනත්දරු දායක මුදලට මුදල් ගෙවීමට එකඟතාවය මෙතනින් බාගත කරගන්න.
VII. පෞද්ගලික
ණය ලබා ගෙන ඇත්නම් එය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ ණය බැඳියාවක්
නොමැති බවට බැංකුවෙන් ලබා ගත් ලිපිය.
VIII. දේපල
ණය ලබා ගෙන ගෙන ඇත්නම් එය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ දේපල ණය
ලබාගෙන නොමැති නම් ඒ බවට මෙම ලිපිය පුරවා දෙන්න.
IX. විනය
විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න. (මෙහි
එක් පිටපතක් පමණක් පුරවා පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාට ලබා දෙන්න)
X. ජාතික
හැඳුනුම්පතේ පිටපත් 4ක්
XI. පත්වීම්
ලිපියේ සහතික කල පිටපත් 4ක්
XII. පත්වීම
අනුව වැඩ භාර ගත් ලිපිය/ලොග් සටහන පිටපත් 4ක්
XIII. පත්වීම
ස්ථිර කිරීමේ ලිපියේ පිටපත් 4ක්
08.
ඉහත අයදුම්පත්‍ර හා ආකෘති පුරවන ආකාරය
පහත දක්වා ඇත. එම නිදර්ශන බලා ඔබේ තොරතුරු නිවැරදිව පුරවන්න.
(මෙතනින් පසු කොටස් වලට අදාල ලේඛන
කිහිපයක් උඩුගත (Upload) කරමින්
පවතී)
I. ඉල්ලීමේ
ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
II. දේශීය
නිවාඩු අයදුම්පත පුරවන ආකාරය මෙතනින් බලන්න.
ජාතික පාසල් දේශීය
නිවාඩු අයදුම්පත මෙයට වඩා තරමක් වෙනස්ය.
III. රාජකාරී
ආවරණ ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
IV. රාජ්‍ය
පරිපාලන චක්‍රලේඛ 14/2022
හි ඇමුණුම 01 - ගිවිසුම පුරවන ආකාරය මෙතනින් බලන්න.
එහි "දේශීය/විදේශීය" ලෙස
ඇති ස්ථානවල අනවශ්‍ය වචන කපන්න.
* ජාතික
පාසල් සඳහා ගිවිසුම් ගත වන පළමු පාර්ශවය ප්‍රධාන ලේකම් නොව අධ්‍යාපන අමාත්‍යාංශ
ලේකම් වේ. ඒ අනුව අදාළ තැන් වෙනස් කරගන්න
VI. විදේශ
නිවාඩු ලබා ගන්නා කාලය තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව/කාර්තුවකට මුදල්
ගෙවීමට එකඟතාවය පුරවන ආකාරය මෙතනින් බලන්න.
VII. දේපල
ණය ලබාගෙන නොමැති නම් දේපල ණය නොගත් බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
VIII. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
මෙම ලිපිය සම්බන්ධව
ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස
දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට අප විසින් කටයුතු කරන්නෙමු.
0 Comments