රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 ප්‍රකාරව විදේශ නිවාඩු ලබා ගැනීම.

 


රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 ප්‍රකාරව විදේශ නිවාඩු ලබා ගැනීම.

 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 මගින් රාජ්‍ය නිලධාරීන් හට විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

2022.06.22 වන දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ජාතික 14/2022 ක්‍රියාත්මක වේ.

මෙම නිවාඩු සම්බන්ධව අදාළ වන චක්‍රලේඛ/ලිපි

v  රා.ප.ච. 14/2022 (මෙතනින් බලන්න.)

v  රා.ප.ච.14/2022(I) (මෙතනින් බලන්න.)

v   රා.ප.ච.14/2022(II) (මෙතනින් බලන්න.)

v  සංශෝධිත චක්‍රලේඛය 14/2022(III) (මෙතනින් බලන්න.)

v  විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 (මෙතනින් බලන්න.)

v  දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ නිකුත් කළ ලිපිය (මෙතනින් බලන්න.)

v  දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිකුත් කළ ලිපිය (මෙතනින් බලන්න.)

v  ජාතික පාසල් නිලධාරීන් සඳහා පූර්ව අනුමැතිය පිළිබඳ ලිපිය (මෙතනින් බලන්න)

මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ රා.ප.ච. 14/2022 ප්‍රකාරව විදේශ නිවාඩු ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමය. රා.ප.ච. 14/2022 ප්‍රකාරව දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් වෙනම ලිපියක් පලකර ඇති අතර එය (මෙතනින් කියවන්න.)

14/2022 චක්‍රලේඛය නිකුත් වීමෙන් පසුව එහි ඇති වගන්ති තව දුරටත් අර්ථකථනය කිරීම සඳහා 14/2022 (I)  චක්‍රලේඛය 2022.09.06 වන දින නිකුත් කරන ලදී.

01. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව නිවාඩු ලබා දෙන්නේ කුමක් සඳහා ද?

I.    රා.ප.ච. 14/2022 හි 02 වගන්තියේ (අ) යටතේ -

·         විදේශගත වීමට

හැකියාව වර්ධනය කරගැනීම හෝ විදේශ ගතවීමෙන් පසුව රැකියාවක යෙදීමට. (මෙම වගන්තිය අනුව විදේශ නිවාඩු ඉල්ලීමේදී මුල් අවස්ථාවේදීම රැකියාවක නිරත වන බවට තොරතුරු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවේ.)

II. රා.ප.ච 14/2022 හි 02 වගන්තියේ (ආ) යටතේ -

·         විදේශිය ආයතනයක රැකියාවක නිරත වීමට.

(මෙම වගන්තිය අනුව විදේශ නිවාඩු ඉල්ලීමේදී විදේශගතව නිරත වීමට අපේක්ෂා කරන රැකියාව සහ ඊට අදාල තොරතුරු නිවාඩු අනුමත කරන බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය.)

III. රා.ප.ච 14/2022 හි 03 වගන්තිය යටතේ -

වයස අවුරුදු 35ට අඩු රජයේ නිලධරයන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක/භාෂා දැනුම වර්ධනය කරගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පූර්ණ කිරීමට වසරක කාලයක උපරිමයකට යටත්ව විදේශ නිවාඩු ලබාගත හැකිය.

02. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 මගින් නිවාඩු ලබා ගත හැක්කේ කාටද?

I. සේවය ස්ථිර වූ නිලධාරීන් හට.

II. පරිවාස කාලයේ සිටින නිලධාරීන් හට.

III. සේවය ස්ථිර වූ මාණ්ඩලික නිලධාරීන් හට.

මෙහිදී පරිවාස කාලයේ දී නිවාඩු ලබා ගන්නා නිලධාරීන්ගේ නිවාඩු අවසන් වී නැවත සේවයට පැමිණි පසු කාර් ය පටිපාටික රීති අනුව පරිවාස කාලය අවුරුදු 03ක් දක්වා දීර්ඝ කළ හැකි බව චක්‍රලේඛයේ 04 වගන්තියේ "ඈ" අක්ෂරය යටතේ දක්වා ඇත.

03. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව නිවාඩු ලබාගැනීමේදී ඔබට ලැබෙන වාසි/ ප්‍රතිලාභ මොනවාද?

I. විශ්‍රාම වැටුපට ඔබේ සේවා කාලය ගණන් බැලීමේදී වැටුප් රහිතව නිවාඩු ලබා ගන්නා ලද කාලයද සේවය කළා සේ සැලකීම.

II. පරිවාස කාලයේ සිටින නිලධාරීන් හට විදෙස්ගත වීමට හැකි වීම.

III. නිවාඩු අවසන් වී නැවත සේවයට පැමිණීමෙන් පසු අනිවාර්ය සේවා කාලයක් සේවය කිරීමට යටත් නොවීම.

04. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව විදේශ නිවාඩු ලබා ගැනීමේදී අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතු සහ දැනගත යුතු දේවල් මොනවාද?

I. ඔබ වැන්දඹු අනත්දරු දායක මුදලට ලියාපදිංචි වී තිබීම (W & OP Number)

(මේ පිළිබඳව පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාගෙන් විමසා දැනගත හැකිය)

ඔබ නිවාඩු ලබාගෙන සිටින කාල සීමාව තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව හෝ කාර්තුවකට වශයෙන් විදේශ මුදලින් මුදල් ගෙවීමට එකඟ විය යුතුය.  මෙහිදී ඔබගේ තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවෙහි ලියාපදිංචි කර ලිපියක් ලබා දෙන අතර එය ඔබ විසින් ඔබගේ ගිණුම පවතින බැංකුවට ලබා දී එහි සඳහන් පරිදි ස්තාවර නියෝග (Standing Oder) ලබා දුන් පසු බැංකුවේ කළමනාකරුගේ අත්සන සහ නිල මුද්‍රාව තැබූ පසු එය නැවත විෂය නිලධාරියාට ලබා දෙන්න. (රා.ප.ච. 14/2022 හි අංක 04 යටතේ "උ" වගන්තිය බලන්න.)

II. ඔබ දේපල ණය හෝ පෞද්ගලික ණය ලබාගෙන ඇත්නම් එම ණය සම්පූර්ණ ගෙවීම හෝ එම ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග එකඟතාවයකට පැමිණිය යුතුය.

(ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග එකඟ විය හැකි යෝජනා කිහිපයක් 14/2022(I) හි "ඊ" වගන්තියේ දක්වා ඇත.)

ඇතැම් බැංකු මගින් ඔබ ලබාගෙන ඇති ණය, අවලංගු කළ නොහැකි ඇටෝර්නි බලපත්‍රයක් මගින් වෙනත් අයෙකු වෙත (සැමියාට/බිරිඳට) පැවරීමට ද අවස්තාව ලබා දෙනු ඇත.

III. අත්තිකාරම් බී ගිණුම යටතේ ණය ලබාගෙන ඇත්නම් එම ණය සම්පූර්ණයෙන්ම ගෙවා තිබීම.

(ආපදා ණය ආදිය ලබාගෙන ඇත්නම් කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් අංශයේ අදාල නිලධාරීයා ගෙන් විමසා දැනගන්න)

IV.   ඔබට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොමැති වීම.

V.  රා.ප.ච. 14/2022 අනුව විදෙස්ගත වීමේදී ඔබ මාසිකව ලංකාවේ බැංකුවක ආරම්භ කරන ලද අනේවාසික විදේශ මුදල් ගිණුමට හෝ රුපියල් ගිණුමට (NRFC/PFCA) මාසිකව ඩොලර් 100/200/300/400 ක් එවීමට එකඟ විය යුතුය. ( වැඩි විස්තර ලිපියේ පහළ දක්වා ඇත)

VI. විදේශගත වීමට නිවාඩු අනුමත කිරීමේදී අමාත්‍යාංශ ලේකම්/ප්‍රධාන ලේකම් සමඟ ගිවිසුමකට එළඹිය යුතුය.

05. ආයතනයේ මිනිස් බල තක්සේරුව.

ආයතනයක සේවය කිරීම සඳහා සිටිය යුතු සේවක  සංඛ්‍යාව/නිලධාරී සංඛ්‍යාව කොපමණ දැයි අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව හෝ ආයතන ප්‍රධානියා විසින් තීරණය කර ඇත. ඒ අනුව එම ආයතනයේ අනුමත නිලධාරී සංඛ්‍යාව සහ දැනට සේවය කරන නිලධාරී සංඛ්‍යාව සම්බන්ධ වාර්තාව/තක්සේරුව ආයතනයේ මිනිස් බල තක්සේරුව ලෙස හඳුන්වනු ලබයි. රා.ප.ච. 14/2022 චක්‍රලේඛය ප්‍රකාරව විදේශ නිවාඩු ලබාදිය හැකි වන්නේ ආයතනයේ මිනිස් බල තක්සේරුව අනුව අතිරික්තව සිටින නිලධාරීන් සඳහා පමණි.

උදාහරණය

(a)    පළාත් පාසල් සඳහා අනුමත ගුරු සංඛ්‍යාව 2500 කි. දැනට සේවයේ යෙදී සිටින ගුරු සංඛ්‍යාව 2750 කි. ඒ අනුව රා.ප.ච.14/2022 අනුව විදේශ නිවාඩු ලබා දීමට නිර්දේශ කල හැකි ගුරු සංඛ්‍යාව 250කි. මේ අනුව ගුරුවරුන් සඳහා මෙම චක්‍රලේඛය අනුව විදේශ නිවාඩු  ලබා දීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට නිර්දේශ කළ හැක.

උදාහරණය

(b)  කලාපයේ පාසල් සඳහා අනුමත ගුරුවරු සංඛ්‍යාව 2500 කි. නමුත් සේවයේ යෙදී සිටින ගුරුවරු සංඛ්‍යාව      2300 කි. ඒ අනුව රා.ප.ච.14/2022 අනුව විදේශ නිවාඩු ලබා දීමට නිර්දේශ කල හැකි ගුරුවරු සංඛ්‍යාව 00 කි. මේ අනුව ගුරුවරු සඳහා මෙම චක්‍රලේඛය අනුව විදේශ නිවාඩු ලබා දීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට නිර්දේශ කළ නොහැක.

* අප ආයතනයේ මිනිස්බල තක්සේරුව මෙතනින් බලන්න

**ආයතනයේ මිනිස්බල තක්සේරුව මාසිකව සංශෝධනය වන බව කාරුණිකව සලකන්න**

06. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව නිවාඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන වල පිටපත් සංඛ්‍යාව කොපමණද? සහ නිවාඩු අනුමත වන ආකාරය කුමක්ද?

I. පළාත් සභා පාසල් සදහා අදාල ලේඛන පිටපත් 4කින් අවශ්‍ය වේ.

(කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිර්දේශය-> ප්‍රධාන ලේකම් අනුමැතිය හා ගිවිසුම අත්සන් කර අනුමත අයදුම්පත්‍රය හා ලිපිය නැවත දකුණු පළාත් අධ්‍යාපන ලේකම් මගින් කලාප අධ්‍යාපන කාර්යාලයට)

II. ජාතික පාසල් වල නිලධාරීන් සඳහා අදාල ලේඛන පිටපත් 4කින් අවශ්‍ය වේ.

(කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය-> අමාත්‍යාංශ ලේකම් අනුමැතිය හා ගිවිසුම අත්සන් කර ->  අනුමත ලිපිය සහ අයදුම්පත්‍රය නැවත කලාප අධ්‍යාපන කාර්යාලයට)

07. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 ප්‍රකාරව විදේශ නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය ලේඛන මොනවාද?

(ඔබගේ පහසුව සඳහා අවශ්‍ය ලේඛන වල ආකෘති අප විසින් සකස් කර ඇති අතර ඒවා බාගත කරගෙන පුරවන්න)

(එසේම ඔබගේ පහසුව සඳහා පලාත් සභා පාසල් වල සේවය කරන නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන, ජාතික පාසල් වල සේවය කරන නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන වෙන වෙනම දක්වා ඇත.)

පහත ලේඛන අංක කර ඇති පිළිවෙල අනුව පිටපත් 4 සකස් කර කලාප අධ්‍යාපන කාර්යාලයට භාර දෙන්න.

පළාත් සභා පාසල් වල නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන.

I. ඉල්ලීමේ ලිපිය හා ගමන් වියදම් දරන ආකාරය මෙතනින් බාගත කරගන්න.

II. පොදු 126 ආකෘතිය (විදේශ නිවාඩු අයදුම් පත්‍රය)  මෙතනින් බාගත කරගන්න.

     (පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. A4   කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)

III. 16 වන පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න.

IV. සේවය ස්ථිර නම්, සේවය ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපත

V. පත්වීම් ලිපියේ සහතික කළ පිටපත

VI. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න.

VII. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත

VIII. විදේශ ගමන් බලපත්‍රයේ සහතික කල පිටපත

IX. පෙර වසර 2 ක නිවාඩු විස්තර (B100)

X. අනුමත වීසා බලපත්‍රයේ සහතික කල පිටපත. වීසා බලපත්‍රය ලැබී නොමැති නම් එය ලැබුණු පසු දෙන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.

XI. NRFC/PFCA ගිණුමට විදේශ මුදල් බැර කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න. එම ගිණුමේ පාස් පොතේ ඔබේ විස්තර සඳහන් මුල පිටුවේ පිටපතක් අමුණන්න.

XII. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හි ගිවිසුම ඇමුණුම 01 -  මෙතනින් බාගතකරගන්න.

XIII. අදාල රැකියාව සඳහා බඳවා ගන්නා බවට ලිපිය හා/හෝ අධ්‍යයනය සඳහා තෝරාගත් බවට ලිපිය.

(රා.ප.ච.14/2022 හි 02 වගන්තියේ (අ) අනුව යන්නේ නම් මෙය අවශ්‍ය නැත)

XIV. විදේශ නිවාඩු ලබා ගන්නා කාලය තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව/කාර්තුවට මුදල් ගෙවීමට එකඟතාවය මෙතනින් බාගතකරගන්න. (විදේශ මුදලින් ගෙවිය යුතුය).

XV. දේපල ණය ලබාගෙන ඇත්නම් එම ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකගතාවය. දේපල ණය ලබාගෙන නොමැති නම් දේපල ණය නොගත් බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.

XVI. පෞද්ගලික ණය ලබාගෙන ඇත්නම් එම ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ ණය බැඳියාවක් නොමැති බවට ලිපිය

XVII. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.(මෙහි එක් පිටපතක් පමණක් පුරවා පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාට ලබා දෙන්න)

XVIII. මිනිස් බල තක්සේරුව යටතේ ආයතන ප්‍රධානියාගේ සහතිකය. අදාල නිලධාරියා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. (මෙය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දෙනු ලබයි)

විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම් කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.

ජාතික පාසල් වල නිලධාරීන් සඳහා අවශ්‍ය ලේඛන

මෙහි පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. (A4 කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)

පහත ලේඛන අංක කර ඇති පිළිවෙල අනුව පිටපත් 4 සකස් කර කලාප කාර්යාලයට දෙන්න.

I. පූර්ව අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න.

II. ඉල්ලීමේ ලිපිය හා ගමන් වියදම් දරන ආකාරය මෙතනින් බාගත කරගන්න.

III. පොදු 126 ආකෘතිය (විදේශ නිවාඩු අයදුම් පත්‍රය) මෙතනින් බාගත කරගන්න.

IV. 16 වන පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න.

V. සේවය ස්ථිර නම්, සේවය ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපත

VI. පත්වීම් ලිපියේ සහතික කළ පිටපත

VII. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න.

VIII. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත

IX. විදේශ ගමන් බලපත්‍රයේ සහතික කල පිටපත

X. පෙර වසර 2 ක නිවාඩු විස්තර (B100)

XI. අනුමත වීසා බලපත්‍රයේ සහතික කල පිටපත. වීසා බලපත්‍රය ලැබී නොමැති නම් එය ලැබුණු පසු දෙන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.

XII. NRFC/PFCA ගිණුමට විදේශ මුදල් බැර කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න. එම ගිණුමේ පාස් පොතේ ඔබේ විස්තර සඳහන් මුල පිටුවේ පිටපතක් අමුණන්න.

XIII. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හි ඇමුණුම 01 - ගිවිසුම මෙතනින් බාගත කරගන්න.

XIV. අදාල රැකියාව සඳහා බඳවා ගන්නා බවට ලිපිය හා/හෝ අධ්‍යයනය සඳහා තෝරාගත් බවට ලිපිය.

(රා.ප.ච.14/2022 හි 02 වගන්තියේ (අ) අනුව යන්නේ නම් මෙය අවශ්‍ය නැත)

XV. විදේශ නිවාඩු ලබා ගන්නා කාලය තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව/කාර්තුවට මුදල් ගෙවීමට එකඟතාවය මෙතනින් බාගත කරගන්න. (විදේශ මුදලින් ගෙවිය යුතුය).

XVI. දේපල ණය ලබාගෙන ඇත්නම් එම ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකගතාවය. දේපල ණය ලබාගෙන නොමැති නම් දේපල ණය නොගත් බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.

XVII. පෞද්ගලික ණය ලබාගෙන ඇත්නම් එම ණය ගෙවීම සම්බන්ධව බැංකුව සමග ඇතිකරගත් එකඟතාවය හෝ ණය බැඳියාවක් නොමැති බවට ලිපිය.

XVIII. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.(මෙහි එක් පිටපතක් පමණක් පුරවා පෞද්ගලික ලිපිගොනුව භාර නිලධාරියාට ලබා දෙන්න)

XIX. මිනිස් බල තක්සේරුව යටතේ ආයතන ප්‍රධානියාගේ සහතිකය. අදාල නිලධාරියා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. (මෙය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දෙනු ලබයි)

විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම් කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.

08. ඉහත අයදුම්පත්‍ර හා ආකෘති පුරවන ආකාරය පහත දක්වා ඇත. එම නිදර්ශන බලා ඔබේ තොරතුරු නිවැරදිව පුරවන්න.

I. ඉල්ලීමේ ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

II. පොදු 126 ආකෘතිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

III. 16 වන පරිශිෂ්ටය පුරවන ආකාරය මෙතනින් බලන්න.

IV. රාජකාරී ආවරණ ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

V. වීසා බලපත්‍රය ලැබී නොමැති නම් එය ලැබුණු පසු දෙන බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

VI. NRFC/PFCA ගිණුමට විදේශ මුදල් බැර කරන බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

VII. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හි ඇමුණුම 01 - ගිවිසුම පුරවන ආකාරය මෙතනින් බලන්න.

ජාතික පාසල් වල නම් නිවාඩු අනුමත කරන්නේ අමාත්‍යංශ ලේකම් බැවින් ගිවිසුම පුරවන ආකාරය වෙනස්ය)

VIII. විදේශ නිවාඩු ලබා ගන්නා කාලය තුළ වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව/කාර්තුවකට මුදල් ගෙවීමට එකඟතාවය පුරවන ආකාරය මෙතනින් බලන්න.

IX. දේපල ණය ලබාගෙන නොමැති නම් දේපල ණය නොගත් බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

X. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.

09. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව නිවාඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන පිළිබඳ තව දුරටත් පැහැදිලි කිරීමක් පහත දක්වා ඇත.

I. පොදු 126 ආකෘතියෙහි අංක 7 යටතේ ඔබ විදෙස්ගත වන්නේ චක්‍රලේඛයේ කුමන වගන්තිය යටතේ දැයි අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.

II. රාජකාරී ආවරණය සඳහා නිවාඩු ඉල්ලුම් කරන නිලධාරියාගේ තනතුරට සමාන තනතුරක් දරන නිලධාරියෙකු නම් කල යුතුය. ගුරුවරයෙකුගේ නම් උගන්වන විෂයම උගන්වන ගුරුවරයෙකු රාජකාරී ආවරණයට නම් කල යුතුය.

III. වීසා බලපත්‍රය ලැබුණු පසු අනිවාර්යයෙන්ම එහි සහතික කල පිටපතක් පෞද්ගලික ලිපිගොනුවට දෙන්න.

IV. මෙම චක්‍රලේඛය අනුව විදේශ නිවාඩු ලබාදීම සඳහා NRFC/PFCA ගිණුමක් ආරම්භ කළ යුතුය. එසේම විදේශගත වීමෙන් පසුව එම ගිණුමට මාසිකව ඩොලර් 100ක්/ 200ක්/ 300ක් හෝ 400ක් එවීම සඳහා එකඟ විය යුතුය. එම ගෙවිය යුතු මුදල තීරණය වන්නේ ඔබේ තනතුර අනුවය.

v  ඔබගේ තනතුර ප්‍රාථමික තනතුරක් නම් මසකට ඩොලර් 100ක් එවිය යුතුය.

v  ඔබගේ තනතුර ද්විතීයික තනතුරක් නම් මසකට ඩොලර් 200ක් එවිය යුතුය.

v  ඔබගේ තනතුර තෘතීයික තනතුරක් නම් මසකට ඩොලර් 300ක් එවිය යුතුය.

ඔබ විදෙස්ගතවීමෙන් පසු පළමු තුන් මාසය සඳහා සහන කාලයක් ලබා දෙනු ලැබූවද ඉන්පසු අනිවාර්යයෙන්ම ගිවිසගත් මුදල විදේශ මුදලින් එවිය යුතුය. එසේ නොමැති නම් ගිවිසුම කඩකලා සේ සලකන අතර එය විශ්‍රාම වැටුප ලබා ගැනීමේදී බාධාවක් විය හැකිය.

V. ගිවිසුම නිවැරදිව සම්පූර්ණ කර අදාල තැන් වල කටි අත්සන තබා තිබිය යුතුය.

VI. මෙම චක්‍රලේඛය අනුව විදේශ නිවාඩු ලබා ගැනීමේදී වැන්දඹු අනත්දරු දායක මුදලට මාසිකව හෝ කාර්තුවකට වශයෙන් විදෙස් මුදලින් මුදල් බැර කිරීම අනිවාර්ය වේ. එසේ මුදල් බැර නොකිරීම ගිවිසුම කඩකලා සේ සලකන අතර එය විශ්‍රාම වැටුප ලබා ගැනීමේදී බාධාවක් විය හැකිය.

VII. දේපල ණය හෝ පෞද්ගලික ණය පිළිබඳව බැංකුව සමග ඇතිකරගත හැකි එකඟතාවයන් කිහිපයක් රා.ප.ච.14/2022(I) හි ඊ වගන්තියේ දක්වා ඇත. නමුත් ඒ සඳහා බැංකුව එකඟ වීම හෝ නොවීමේ තීරණය බැංකුව සතුවේ.

 

මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට කටයුතු කරමි.

Post a Comment

0 Comments