ගුරු සේවයේ ශ්‍රේණි උසස් වීම්

ශ්‍රී ලංකා ගුරු සේවයට බදවාගනු ලබන සියලුම ගුරුවරුන් 2008.07.01 වන දින  සිට ක්‍රියාත්මක වන   ගුරු සේවා  ව්‍යවස්ථාව අනුව ශ්‍රේණි උසස්වීම් 
    • 2022.10.23ට පසුව උසස්වීම් යෙදෙන ගුරු භවතුන් කාර්යක්ෂමතා කඩඉම් සමත්වීම හා වෘත්තීය සමාලෝචනය අනීවාර්ය වේ.      
                    වැඩි විස්තර මෙතනින් බලන්න

   3-I (අ)(ආ)(ඇ)  සිට 2-II ශ්‍රේණියට උසස්වීම

  •  උපාධිධාරී ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 කින් 2-II ශ්‍රේණියට උසස්විය යුතුය.
  •  විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 5 කින්  2-II ශ්‍රේණියට උසස් විය යුතුය.
    • 3-I (ඇ) ශ්‍රේණියේ පත්වීම් ලද ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුභවතුන් 2-II උසස් වීම සඳහා උපාධිය  හෝ ගුරු පුහුණුව අනිවාර්ය වේ.

 ඉහත ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 ක් ඉක්ම යාමට පෙර 1කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුය .

#මොඩියුල1 සිට 7 දක්වා හැදෑරීම අවශ්‍ය ය. මෙතනින් බලන්න

උසස්වීම් අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න

   2-IIසිට 2-Iශ්‍රේණියට උසස්වීම

 2-II සිට 2-I ශ්‍රේණියට උසස්වීම ගුරුවරයා ලබාගෙන ඇති අධ්‍යාපන සුදුසුකම් හෝ ගුරු පුහුණු මත උසස් වීමට සුදුසුකම් ලබන වසර ගණන වෙනස් වේ.

ඒ අනුව පහත සඳහන් සුදුසුකම් ලැබු ගුරු භවතුන් වසර 09කින් 2-I ශ්‍රේණියට උසස්විය හැකිය.

  • විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් 
  • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන්
  • ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුවරුන්
  • උපාධිධාරී ගුරුවරුන්

 එසේම පහත සුදුසුකම් ලැබූ ගුරුභවතුන්ට වසර 07කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලැබීමට සුදුසුකම් ලබයි.

  •  උපාධිය ලැබු  පුහුණු ගුරුවරුන් (විද්‍යා පීඨ හෝ  ගුරු පුහුණු )
  • උපාධිය  සමග පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත්  ගුරුවරුන්
  • අධ්‍යාපනවේදී  උපාධි ගුරුවරුන් 

 එසේ නැතහොත් පහත සුදුසුකම් මත ඍජුවම ගුරු සේවයට බඳවාගත් ගුරු භවතුන් වසර 05 කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලද හැකිය.

  • ඉහත සුදුසුකම් වලට අමතරව අධ්‍යාපනපති උපාධි  ගුරුවරුන්

ඉහත  සියඑ ගුරුවරුන්    2-I ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .

#මොඩියුල 8 සිට 14 දක්වා හැදෑරීම අවශ්‍ය ය.  මෙතනින් බලන්න 

# 2 පන්තිය II ශේණීයට ඍජුව බඳවාගත් ගුරුවරුන් සඳහා පළමු කර් යක්ෂමතා කඩඉම් පරික්ෂණය ^ii) මෙතනින් බලන්න

උසස්වීම් අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න

2-I සිට  1ශ්‍රේණියට උසස්වීම

ඕනෑම වර්ගයක ගුරුවරුන් 2-I ශ්‍රේණියේ සිට වසර 6 ක සේවා කාලය සම්පූර්ණ කළ පසු 1 ශ්‍රේණියට  උසස්  විය යුතුය.

එම ගුරුවරුන් තුන්වන III කාර්යක්ෂමතා කඩඉම 2- I ශ්‍රේණියට පත් වී වසර 4 ඉක්ම යාමට පෙර සම්පූර්ණ කළ යුතුය

#මොඩියුල අංක 15 සිට 20 දක්වා මොඩියුල  6 හැදෑරීම අවශ්‍ය ය. මෙතනින් බලන්න

උසස්වීම් අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න


2005/04 චක්‍රලේඛය යටතේ ශ්‍රී ලංකා ගුරු සේවයේ  උසස්වීම් සඳහා අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න


මොඩියුල හැදෑරීම සඳහා ඔබ කුමක් කළ යුතු ද?

  • ගුරු මධ්‍යස්ථානය හරහා මෙම කාර්යක්ෂමතාවයට අදාල මොඩියුල ක්‍රියාත්මක කෙරේ.
  • සෑම  මොඩියුලයක්ම දින තුනක් සහ සැසි පහක් වශයෙන් පැවැත්වෙයි .
  • එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීමක් සිදුකරයි
  • එක් එක් මොඩියුලය සදහා    සහතික පත්‍රයක් බැගින් හිමිවේ .
  • එම සහතික පත්‍ර 7 ම එක් කරගත් පසු කාර්යක්ෂමතා කඩඉම සමත් බවට ඔබට එක් සහතික පත්‍රයක්  අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙනු ලැබේ.
  • එම සහතික පත්‍ර ගුරු මධ්‍යස්ථානවලට ලැබුණු පසුව ඔබට ලබා දෙනු ඇත
  • කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සඳහා  ගුරු මධ්‍යස්ථානයට ඔබගේ තොරතුරු ලබා දී එහි ලියාපදිංචි වන්න.
  • ඉන්  පසු  ගුරු මධ්‍යස්ථානයේ  කැඳවීම් මත කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා සහභාගි විය හැක.
  • ගුරු මධ්‍යස්ථානයේ  ලියාපදිංචි වී නැත්නම් මොඩියුල   සඳහා ඔබට කැඳවීමක්  නොකෙරෙනු ඇත .
  • කලාප කාර්යාලය මගින් කැද වන තෙක් බලා නොසිට ගුරු මධ්‍යස්ථානයකට යන්න. කලාප කාර්යාල මේ සඳහා ඔබ කැඳවන්නේ නැත.
  • 2019.10.22 දින දක්වා උසස්වීම් දින යෙදෙන ශ්‍රී ලංකා ගුරුසේවයේ සියලුම ගුරුභවතුන්ට සේවා කාලය හා අනෙකුත් අවශ්‍යතාවයන් හැර වෘත්තිය සමාලෝචනය හා කාර්යක්ෂමතා කඩයිම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් සේ සලකා ගුරුසේවයේ ශ්‍රේණි උසස්වීම් ලබාදීමට ක්‍රියා කරනු ඇත.
  • 2019.10.23 දින සිට 2022 .10.22 දින දක්වා කාලසීමාව තුළ තම උසස් වීම් දින යෙදෙන ගුරුභවතුන්ට ඊළඟ උසස් වීමට පෙර පුහුණුව (මොඩියුල) සම්පූර්ණ කිරීමේ කොන්දේසියකට යටත්ව අදාළ උසස් වීම් ලබාදීමට ක්‍රියා කරනු ඇත. එම කොන්දේසියට යටත්ව උසස් වීම් ලබන ගුරුභවතුන් තම උසස් වීම් ලබන ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම මෙන්ම එම උසස්වීම ලැබීමට පෙර සිටි ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම යන කාර්යක්ෂමතා කඩඉම් දෙකම ඊළඟ ශ්‍රේණියට උසස් වීමට පෙර සම්පූර්ණ කළ යුතු ය.
  • නමුත් 2022.10. 22 දින දක්වා කාලසීමාව තුළ 1 ශ්‍රේණියට උසස් වීම් යෙදෙන ගුරුභවතුන්ට ඉන් ඉහළ ශ්‍රේණි උසස්වීමක් නොමැති බැවින්, එම ගුරු භවතුන් කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.
  • අන්තර් කාලීන විධිවිධාන අවසන් වන 2022.10.22  දිනයෙන් පසු උසස්වීම් දින යෙදෙන සියලුම ගුරුභවතුන් ගුරු සේවයේ උසස් වීම් සඳහා සේවා ව්‍යවස්ථාවේ සඳහන් ඊට අදාළ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතු ය. (👉වැඩ් විස්තර සඳහා අධ්‍යාපන චක්‍රලේඛ 31/2023 බලන්න)
  • එබැවින්  ගුරු මධ්‍යස්ථානයට ඔබේ  තොරතුරු නොපමාව ලබාදෙන්න .
  • මොඩියුල හැදෑරීම සඳහා නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර  ඔබට  ගුරු මධ්‍යස්ථානයෙන් කැඳවීමක් ලැබෙනු ඇත.

ගුරු භවතුන්ගේ වෘත්තීය සමාලෝචනය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අංක 1885/58 හා 2014.10.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයෙහි 15 වන වගන්තියේ සඳහන් අන්තර් කාලීන විධිවිධාන, රාජ්‍ය සේවා කොමියන් සභා ලේකම්ගේ අංක PSC/EST/7/2/1(II)/2012 සහ 2018.03.28, 2020.02.20, 2020.11.11 හා 2021.10.06 දිනැති ලිපිවලින් 2022.10.22 දක්වා දීර්ඝ කරන ලදී. එදිනෙන් පසු ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් සිදු කිරීම සඳහා උක්ත සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි වෘත්තීය සමාලෝචනය සම්පූර් ණ කිරීම අනිවාර්යය වේ. 



2022.10.23 සිට 2022.12.31 දක්වා උසස්වීම් යෙදෙන ගුරුභවතුන්ට සහන ඉල්ලීම
  1. 👉වැඩි විස්තර මෙතනින් බලන්න👊👈
  2. 👉දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිය වැඩි විස්තර මෙතනින් බලන්න.
  3. ගුරු භවතුන්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීම හා වෘත්තීය සමාලෝචන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙනි වැඩි විස්තර මෙතනින් බලන්න. 👈

මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට කටයුතු කරමි.

Post a Comment

12 Comments

මෙහි 2-2 ශ්‍රේණියේ සිට 2-1 ශ්‍රේණියට අවුරුදු 5 කින් යාම පිලිබඳ දක්වා ඇති වගන්ති දොස් සහිතයි.2-2 සිට 2-1 ට අවුරුදු 5කින් යා හැක්කේ 2-2 පත්වීමෙන් පසු අවුරුදු 5 ක්‌ තුළ අධ්‍යාපනපති උපාධියක් ලබා ගැනීමෙන් පමණයි.
ස්තුතීයි, මේ වන විට දෝසය නිදොස් කොට ඇත.
Anonymous said…
මේ පිළිබඳ සඳහන් වන්නේ කුමන චක්‍රලේඛයේද, නැත්නම් මේ පිළිබඳ සඳහන් වන්නේ කොතැන ද යන්න සඳහන් කළ හැකි ද
https://chat.whatsapp.com/I6sUdDAKAOGKUGUMvRrT2L මැසේජ් කරන්න.
Anonymous said…
2 ii සිට 2i ට උසස් කිරීමේදී අවුරුදු 7 ඉක්මවා අවුරුදු 9 ට පෙර PGDE ලබාගත් උපාධ්දාරියෙකු හට එය ලබගත් දින සිට 2i ට උසස්වීම් ලබාගත හකිද?
PGED එක අවුරුදු 7 ඇතුලත විය යුතුයි.
Anonymous said…
2-2 සිට 2-1 ට උසස් කිරීමේදී අවුරුදු 7යි මාස 6ක් ඉක්මවා ඇති පුහුණු ගුරුවරයෙක් උපාධිය ලබා ගත් පසු 2-1ට උසස්වීම් ලබා ගත හැකිද
Anonymous said…
මැඩම් /සර්,
මේ ගැටලුව යොමු කරන මා හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් හංවැල්ල ගුරු මධ්‍යස්ථානයට අයත් ය. මා 2013.07.10 දින අධ්‍යාපනවේදී උපාධිය සමත්ව 2-2 ශ්‍රේණිය ට බදවා ගෙන ඇත. පෙර චක්‍රලේඛ අනුව 2-2 ශ්‍රේණිය ට අදාල මොඩියුල වලින් නිදහස් වී ඇති බැවින් 2-1 ශ්‍රේණිය ට අදාල 15-20 මොඩියුල් හදාරා ඇත. මාගේ සේවය ස්තිර කිරීම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන්නේ 2-2 ට අදාල මොඩියුල නොමැති පදනම මතය. කාරුණික පිලිතුරක් අපේක්ෂා කරමි
Anonymous said…
අවුරුදු 7 මාස 6 ඉක්මවී pgde සම්පූර්ණ කල අයට එම දිනයේ හෝ අවුරුදු 8 සම්පූර්ණ වු පසුවවත් උසස් වීම් ලබා ගත නොහැකි ද. අවුරුදු 7ට පසු එය සම්පූර්ණ කල අයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද
Anonymous said…
ගුරු සේවා උසස්වීම් වලට අදාල චක්‍රලේක අංක ලබා දෙන්න හැකිනම්
Anonymous said…
HND in English ගුරුවරයෙක් පුද්ගලික ආයතනයකින් (Global standford campus වැනි) උපාධිය සම්පූර්ණ කිරීමෙන් උසස් වීම් ලබා ගත හැකිද
Anonymous said…
මගේ උපාධි පත්වීම 2011
2 ii -2014 ජනවාරි
pgde කල නිසා 2 i -2021 ජනවාරි
මා 2015 ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.මේ නිසා i ශ්‍රේණියට ඉක්මනින් යා හැකිද?
එසේ නොවේ නම් 1 ශ්‍රේණියට යන්නේ 2027 වසරේය..
සියලුම මොඩියුල් හදාරා ඇත...